එංගලන්ත සභාවේ රදගුරු පදවියට පත් ප්‍රථම කාන්තාව

Image copyright Reuters

එංගලන්ත සභාවේ ප්‍රථම වරට රදගුරු පදවියකට පත් වූ පුජකවරියගේ පූජ්‍ය පදවි ප්‍රාප්තිය එංගලන්තයේ යෝර්ක් දෙවස්ථානයේ දී සිදු කෙරුණි.

සම්ප්‍රදායට අනුව පූජකවරුන් පමණක් රදගුරු පදවිය දැරූ අතර පූජකවරියන්ටත් එම පදවිය දැරීමට ඉඩ ලබා දීමට මීට සය මසකට පෙර එංගලන්ත සභාව තීරණය කළේය.

Image copyright AFP

මේ අනුව හතළිස් අට හැවිරිදි ලිබි ලේන් පුජකවරිය ස්ටොක්පොර්ට් හි රදගුරු වරිය ලෙස නිල වශයෙන් පදවි ප්‍රාප්ත විය.

මෙම අවස්ථාවට දහසකට අධික ජනතාවක් යෝර්ක් දේවස්ථානයට රැස් වී සිටියහ.

එංගලන්ත සභාව මුලින්ම කාන්තාවකට පූජක වරය ලබා දුන්නේ 1994 දී වන අතර ලිබි ලේන් පූජකවරිය 2007 සිට සාන්ත පීටර්ස් හේල් සහ සාන්ත එලිසබෙත් ඈශ්ලි හි ප්‍රදේශ භාර දේවගැතිවරිය ලෙස කටයුතු කර තිබේ.

Image copyright EPA

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර