ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජපානයේ ‘බිරිඳට ආදරය කිරීමේ දිනය’

ජපානයේ ‘බිරිඳට ආදරය කිරීමේ දිනය’(love your wife day) ජනවාරි 31ක් වෙනිදාට යෙදී තිබේ.

නම වෙනි වරටත් සැමරීමට නියමිත ජපාන ‘බිරිඳට ආදරය කිරීමේ දිනය’ නම් කිරීමට හේතු වී තිබෙන්නේ ජපාන සංස්කෘතිය තුල සැමියන් සිය බිරිඳට ආදරය ප්‍රකාශ කිරීමට ඇති ලැජ්ජාව සහ මැලි කමයි.

මෙම උත්සවයට සහභාගී වීමට ජනවාරි 31ක් වෙනිදාට රැස් වන සැමියන් ඉතා ලැජ්ජාවෙන් සහ උනන්දුවෙන් පසු වන ආකාරය ටෝකියෝ නුවර හිබියා උයනේදී දැක ගත හැක.

උත්සවය ජපාන ජාතික මාධ්‍යය ඔස්සේ සජීවීව විකාශය වන අතර එහිදී ජපාන සැමියන් රෝස පැහැති දළ මලින් නිමවූ හදවතේ අනුරුවක් ඉදිරියේ දී තමන් සිය බිරිඳට ආදරය කරන බව හඬ නගා පවසයි.

මෙම දිනය නම් කොට තිබෙන්නේ ජපාන සැමියන්ට බිරිඳට සිය ආදරය ප්‍රකාශ කිරීමට පුරුද්දක් ඇති කිරීමේ උත්සාහයක් වශයෙනි.

ඉහතින් දැක්වෙන හඬ පටයේ දැක්වෙන්නේ ‘බිරිඳට ආදරය කිරීමේ දිනය’සැමරීමට සහභාගී වූ සැමියෙකු හඬ නගා කළ ප්‍රකාශයකි. 'අප දෙදෙනා විවාහ වෙලා වසර 25ක් අපි දෙන්නම දැන් මහතයි. ඔයා කැමතිද අපි දෙන්න මඑකතු වෙලා ව්‍යායාම කරන්න?'

ජපානයේ ආදරවන්තයන්ගේ දිනය හුදෙක් බිරින්දෑවරු සිය සැමියන්ට තෑගී දීම සහ සැමියන් අගය කිරීම වෙනුවෙන් වෙන් වී ඇති නිසා ‘බිරිඳට ආදරය කිරීමේ දිනය’ වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි උත්සවයේ සංවිධායකයින් පවසන්නේ.

ජපානය තුල විවාහය සම්බන්ධයෙන් පවතින සංස්කෘතිකමය වටිනාකම තුල සිය බිරිඳට ආදරය ප්‍රකාශ කිරීම සහ සිය හැගීම් ප්‍රකාශනයට සැමියන්ට අවස්තාවක් නැත.

සිය බිරිඳගේ අත ගෙන ගමන් කිරීමට පවා මැලි කමක් දක්වන ජපාන සැමියන් සිය බිරිඳට ආදරය ප්‍රකාශ කිරීමට සහ තමන්ගේ හැගීම් ප්‍රකාශනයට ඉගෙන ගත යුතු බවයි ඔවුන්ගේ අදහස.