ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ සාකච්ඡා අඩාලයි

Image copyright Reuters
Image caption මාධ්‍යවේදී කෙන්ජි ගොතෝ (Kenji Goto) නිදහස්කරන ලෙසයි මැය ඉල්ලා සිටින්නේ

ජපන් මාධ්‍යවේදියෙකු සහ ජෝර්දාන ජාතික ගුවන් නියමුවෙකු නිදහස් කර ගැනීම පිණිස ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධ කරුවන් සමග පැවති සාකච්ඡා අත්හිටවීමකට ලක්වී ඇති බව ජපාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසයි.

ජෝර්දානයේ අම්මාන් නුවරදී ප්‍රකාශයක් කරමින් යසුහිදෙ නකයමා පැවසුවේ ඔවුන් නිදහස් කර ගැනීම පිලිබඳ ජපාන රජය දැඩි බලාපොරොත්තුවකින් සිටි බවයි.

සන්නද්ධ කරුවන් පවසා තිබුණේ ජෝර්දානය සිරගතකර සිටින අල් ඛයිඩා බෝම්බකරුවකු නිදහස් කරන්නේ නම් මාධ්‍යවේදී කෙන්ජි ගොතෝ (Kenji Goto) නිදහස්කරන අතර ගුවන් නියමු මුඅත් අල් කසාඑස්බේ (Muath al-Kasaesbeh) මරා නොදමන බවයි.

ඔවුන් මුදා ගැනීම පිණිස දී තිබුණු කාලය බ්‍රහස්පතින්දා සවස අවසන් වීමෙන් පසු මෙම ප්‍රාණ ඇපකරුවන්ගේ ඉරණම පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර