හොංකොං ජනතාව යළි වීදි බසිති

Image copyright AFP

හොංකොං හි ප්‍රජාතන්ත්‍ර හිතවාදී පිරිස් යළි වීදි බැස උද්ඝෝෂණය කරන්නට පටන් ගෙන තිබේ.

ඔවුන්ගේ ප්‍රධාන වශයෙන් ඉල්ලා සිටින්නේ හොංකොං පරිපාලනයේ ප්‍රධානියා තෝරා ගැනෙන මැතිවරණය පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට පැවැත්විය යුතු බවයි.

හොංකොං නායකත්වය සඳහා තරඟ කල යුතු පුද්ගලයන් නම් කිරීමේදී චීන පාලනයේ මැදිහත් වීම නතර කරන ලෙස මෙම විරෝධතාකරුවෝ ඉල්ලා සිටිති.

මෙම උද්ඝෝෂණ සිදු වන ප්‍රදේශය පුරා පොලිස් භටයන් විශාල පිරිසක් යොදවා තිබේ.

පසුගිය දෙසැම්බරයේදී ද මේ සඳහා උද්ඝෝෂණ පැවති අතර හොංකොං නගර මධ්‍යයේ බැඳ තිබූ කඳවුරු පොලිසිය විසින් ඉවත් කරන ලදී.

Image copyright AP

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර