ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බංග්ලාදේශය දිගටම නොසන්සුන්

බංග්ලාදේශයේ විරුද්ධ පක්ෂ විසින් කැඳවනු ලැබූ ජාතික වැඩ වර්ජනය පැවැත්වෙන තුන්වැනි දිනය වන අද, අඟහරුවාදා බස් රථයකට එල්ල කළ පැට්‍රොල් බෝම්බ ප්‍රහාරයකින් හත් දෙනෙක් පිලිස්සී මිය ගියහ.

අඩු වශයෙන් තවත් 16 දෙනකු පිල්ස්සුම් තුවාල ලැබුහ.

ඉකුත් මාසයේදී බංග්ලාදේශ් ජාතික පක්ෂය විසින් රටේ ප්‍රවාහන ජාලය කඩාකප්පල් කරන ලෙසට ඉල්ලා සිටි අතර එතැන් පටන් පවතින නොසන්සුන්කාරී තත්වය නිසා පනස් දෙනකුට ආසන්න පිරිසක් මිය ගියහ.

බංග්ලාදේශ් ජාතික පක්ෂය ඉකුත් වසරේ පැවති මහමැතිවරණය වර්ජනය කළ අතර එය යළි පවත්වන ලෙසට ඔවුහු ඉල්ලා සිටිති.