ඉස්ලාමීය රාජ්‍ය: සිරකරුවකු ‘පණ පිටින් පුළුස්සයි’

Image copyright Jordanian Airforce

ජෝර්දාන ගුවන් නියමුවකු පණ පිටින් පුළුස්සා දැමෙන අයුරු දැක්වෙන බව සඳහන් වීඩියෝ පටයක් ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් විසින් අන්තර්ජාලයේ ප්‍රකාශයට පත් කොට තිබේ.

කූඩුවක සිර කර සිටින පුද්ගලයකු ගින්නෙන් වෙළෙන අයුරු වීඩියෝවේ දැක්වේ.

පසුගිය දෙසැම්බර් මාසයේදී ලුතිනන් මොආස් අල් කසාබේ පියාසර කළ ගුවන් යානය සිරියාවේදී අනතුරට පත් වීමත් සමග ඔහු ඉස්ලාමීය සටන්කරුවන්ගේ සිරභාරයට පත් විය.

ගුවන් අනතුර සිදු වූයේ ඉස්ලාමීය සටන්කරුවන්ට එරෙහිව සිදු කරනු ලබන ඇමරිකානු ප්‍රහාරවලට සහාය ලබා දෙමින් සිටියදීයි.

ගුවන් නියමුවාගේ මරණය ස්ථීර ලෙස සිදු වී ඇති බව ප්‍රකාශ කළ ජෝර්දාන රජයේ රූපවාහිනිය, මීට මසකට පෙර ඔහු මරා දමා ඇති බවයි කියා සිටියේ.

සිරකරුවන් හුවමාරු කර ගැනීමක් ඔස්සේ ලුතිනන් අල් කසාබේ නිදහස් කර ගැනීමට ජෝර්දාන රජය උත්සාහ කළේය.