මහමත්තුමාගේ කාටූනයක් පිළිබඳ පරීක්ෂණයක්

Image copyright EPA

මහමත්තුමාගේ රුවක් පලස්තීන පුවත් පතක කාටූනයක් ලෙස පල කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් නියෝග කරයි.

අල් හයාත් අල් ජඩිඩා (al-Hayat al-Jadidah) පුවත් පතේ පලවූ එම කාටුනයෙන් ලෝකය මත ලෝගුවක් ඇඳ සිටින පුද්ගලයෙක් ස්නේහයේ බීජ වපුරන ආකාරය දැක්වෙයි.

එම කාටුනය යට ‘මහමත්තුමා’ යනුවෙන් සඳහන් කොට තිබේ.

එහෙත් චිත්‍ර ශිල්පී , මොහමඩ් සබනේ (Mohammed Sabanneh) පවසන්නේ එහි සිටින්නේ සාමාන්‍ය මුස්ලිම් ජාතිකයකු බවයි.

ඔහු වටා ඇති ආලෝකයෙන් මහමත්තුමාගේ පණිවිඩය සංකේතවත් කෙරෙන බව ඔහු පවසයි.

මහමත්තුමාගේ රුව කිසියම්ම ආකාරයකින් ප්‍රදර්ශනය කිරීම මුස්ලිම් ජාතිකයන්ට අනුව වරදකි.