ගුවන් නියමු ඝාතනය ඇසූ ජෝර්දාන රජු ඇමරිකානු සංචාරය කෙටි කරයි.

Image copyright Reuters

වොෂින්ටනයේ දී ඇමරිකානු ජනාධිපති ඔබාමා සමග පැවති සාකච්ඡා අවසන් වූ වහාම තම ඇමරිකානු සංචාරය කෙටි කළ ජෝර්දානයේ අබ්දුල්ලා රජු ආපසු සියරට බලා ගොස් තිබේ.

ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධ කරුවන් විසින් ගිනි තබා ඝාතනය කළ ජෝර්දාන ගුවන් නියමුවාගේ මරණයෙන් පසුවයි ඔහු මෙසේ ගොස් ඇත්තේ.

ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධ කරුවන්ගේ වෛරී චින්තනය ඉතිහාසයේ කළු පැල්ලමක් ඉතිරිකරනු ඇති බව ජනාධිපති ඔබාමා පවසා ඇති අතර ජපාන අගමැති ෂින්සෝ අබේ පවසා ඇත්තේ මෙය අමතක කළ නොහැකි සහ සමාව දිය නොහැකි අපරාධයක් බවයි.

මෙවැනි අතිශය කුරිරු ඝාතනයක් කිරීමට මනුෂ්‍යයෙකුට හැකිවුයේ කෙසේද යන්න සිතා ගත නොහැකි බවයි ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කල් ප්‍රකාශ කළේ.

මුස්ලිම් ලෝකයේ ප්‍රධානතම ආගමික සංවිධානයකට අයත් අල් අෂාර් මුස්ලිම් දෙවාස්ථානය ප්‍රකාශයක් නිකුත්කරමින් ප්‍රකාශකර ඇත්තේ මෙම මිනීමරුවන් දෙවියන් වහන්සේ ගේ සතුරන් ලෙස සලකා දඬුවම් ලබා දියයුතු බවයි.

පසුගිය ඉරිදා ඉස්ලාම් සටන්කරුවන් විසින් රඳවාගෙන සිටි දෙවන ජපන් ජාතිකයාද හිස ගසා ඝාතනය කර තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර