දිල්ලියේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසන්

Image copyright EPA

ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වෙයි.

මෙය මෑතකදී තේරී පත්වුනු අගමැති නරේන්ද්‍ර මෝඩි ගේ භාරතීය ජනතා පක්ෂයේ ශක්තිය උරගා බැලෙන පළාත් පාලන මැතිවරණයක් සේ සැලකෙයි.

නමුත් දූෂණ විරෝධී පක්ෂයක් වන ආම් ආද්මි හෙවත් පොදු මිනිසාගේ පක්ෂයේ නායක අර්වින්ද් කේජ්රිවාල්ට ජයග්‍රහණය හිමි වන බවට පූර්ව මැතිවරණ සමීක්ෂණ අනාවැකි පළ කර තිබුණි.

Image copyright Reuters
Image caption පොදු මිනිසාගේ පක්ෂයේ නායක අර්වින්ද් කේජ්රිවාල්

පසුගිය දිල්ලි මැතිවරණයෙන් අරවින්ද් කේජ්රිවාල් ජය ගත් නමුත් බලයට පත් වී දින 49කට පසු ඉල්ලා අස් විය.

ඡන්ද දායකයින් පවසන්නේ ඔවුන් වඩාත් සැලකිලිමත් වන්නේ දූෂණය පිටුදැකීම කෙරෙහි බවයි.

ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට හැට ඉක්මවා ඇති බවට තක්සේරු කර ඇති අතර අඟහරුවාදා වන විට නිල ප්‍රතිඵල නිකුත් වීමට නියමිතයි.

දිල්ලි ප්‍රාන්ත මැතිවරණය සඳහා එක් කෝටි තිස් ලක්ෂයකට අධික ජනතාවක් ඡන්ද දායකයන් වශයෙන් ලියාපදිංචි වී සිටිති.