රුසියාව සහ යුක්රේනය සටන් විරාමයට එකඟ වෙති

Image copyright AFP

පෙබරවාරි 15 දා සිට නැගෙනහිර යුක්‍රේනයේ සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට එකඟ වූ බව රුසියානු සහ යුක්‍රේන ජනාධිපතිවරු නිවේදනය කරති.

නැගෙනහිර යුක්‍රේන අර්බුදයට සාමකාමී විසඳුමක් ලබා ගැනීමට රුසියාවේ සහ යුක්රේනයේ ජනාධිපතිවරුන් බෙලාරුස් හිදී රැය පහන් වන තුරු සාකච්ඡා කර තිබේ.

මෙම සාකච්ඡා ඉතා උණුසුම් මුහුණුවරක් ගත් බවයි යුක්රේන ජනාධිපතිවරයාගේ සමීප ආධාරකරුවෙකු ෆේස්බුක් වෙබ් අඩවියේ පළ කර තිබුණේ.

මූලික කාරණය පිළිබඳව එකඟතාවකට පැමිණීමට හැකි වූ බවයි ප්‍රංශ සහ ජර්මානු නායකයන් ද සහභාගී වූ මෙම කඩිනම් සාකච්ඡාව අවසානයේ රුසියානු ජනාධිපති කියා සිටියේ.

Image copyright Reuters
Image caption මෙම කඩිනම් සාකච්ඡාවට ප්‍රංශ සහ ජර්මානු නායකයන් ද සහභාගී විය

දෙරටේ නායකයන් හමු වීමට පෙර යුක්‍රේන ජනාධිපතිවරයා කියා තිබුණේ සටන් විරාමය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවයි.

මීට පෙර ඇති කර ගත් සටන් විරාමය නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නැත.

යුක්රේන හමුදා සහ රුසියානු හිතවාදී කැරලිකරුවන් අතර නැගෙනහිර යුක්‍රේනයේ පවතින ගැටුම් නිසා මේ වන විට දහස් ගණනක් මරණයට පත් වී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර