'අගමැතිත් බස් රියේ යා යුතුයි'-කෙජ්රිවාල්

Image copyright AFP
Image caption දිල්ලියේ VIP විශේෂ ප්‍රභූ සංස්කෘතිය අවසන් කරන බවයි නව මහ ඇමතිවරයා පවසන්නේ

සිය ආධාරකරුවන්ගේ ඔල්වරසන් මැද පදවියේ දිව්රුම් දුන් නව දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් දිල්ලිය දූෂණ රහිත පළමු ප්‍රාන්තය බවට පත් කරන බවට පොරොන්දුවක් දුන්නේ ය.

ඇතැම් සංවර්ධිත රටවල මෙන් ඉන්දීය අගමැති වරයාට ද බස් නැවතුම් පොලක සිටිය නො හැක්කේ මන්දැයි ප්‍රශ්න කළ නව මහඇමැතිවරයා දිල්ලියේ VIP විශේෂ ප්‍රභූ සංස්කෘතිය අවසන් කරන බවත් අවධාරණය කර සිටියේ ය.

කෙජ්රිවාල් ගේ ‘ආම් ආද්මි’ නොහොත් ‘සාමාන්‍ය මිනිසාගේ පක්ෂය’ පසුගිය සතියේ පැවති මැතිවරණයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි අයත් පාලක භාරතීය ජනතා පක්ෂයට විශාල පරාජයක් උරුම කරමින් ජයග්‍රහණය ලබා ගත්තේ ය.

අද, සෙනසුරාදා පැවති දිවුරුම් දීමේ උත්සවයට මෝටර් රථයකින් පැමිණි අරවින්ද් කෙජ්රිවාල් නව මහ ඇමතිවරයා පසුගිය දිල්ලි මැතිවරණයෙන් ජය ගත් පසු දිවුරුම් දීමට පැමිණියේ දුම්රියෙන්.

එවර ඔහු මහ ඇමති වී දින 49 කට පසු ප්‍රතිපත්තිමය තීරණයක් මත තනතුරින් ඉල්ලා අස්විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර