IS ඝාතක ජිහාඩ් ජෝන් හඳුනා ගැනේ

Image copyright AP

IS ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය මගින් ඝාතනය කරනු ලැබූ මාධ්‍යවේදීන්ගේ ගෙළ සිඳ දමන වීඩියෝ දර්ශන කිහිපයකම පිහියක් අතැතිව පෙනී සිටි ජිහාඩ් ජෝන් නමින් ප්‍රසිද්ධ පුද්ගලයා හඳුනා ගෙන තිබේ.

බීබීසි වාර්තා වලට අනුව ජිහාඩ් ජෝන්ගේ සත්‍ය නම මොහොමඩ් එම්වසි (Mohammed Emwazi)වන බවයි ප්‍රකාශ වී තිබෙන්නේ.

IS ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය මගින් ගෙළ සිඳ දමා ඝාතනය කළ ඇමෙරිකානු ජාතික ජේම්ස් ෆොලී, බ්‍රිතාන්‍ය ජාතික ඇලන් හෙනින් සහ ජපාන ජාතික මාධ්‍යවේදී කෙන්ජි ගෝටෝ ඝාතනය කරන දර්ශන ඇතුළත් වීඩියෝ පට වල පෙනී සිටින්නේ ද ජිහාඩ් ජෝන් බවටයි හඳුනා ගැනුනේ.

මොහොමඩ් එම්වසි බටහිර ලන්ඩන් නගරයේ බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බවටයි විශ්වාස කරන්නේ.

2006 වසරේ සෝමාලියාවට ගොස් ඇති බවට සැක කෙරෙන මොහොමඩ් එම්වාසි, ‘අල් ශබාබ්’ කැරලිකරුවන් සමග සම්බන්ධතා පවත්වන බවට ද සැකයක් පවතියි.

වැඩි දුර පරීක්ෂණ මෙහෙයවන බ්‍රිතාන්‍ය පොලිසිය මාධ්‍යයෙන් ඉල්ලීමක් කරමින් පවසා සිටියේ වැඩි දුර විස්තර ප්‍රචාරයෙන් වැළකී සිටින ලෙසයි.

ඒ සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ පැවැත්වෙන බැවින් ජිහාඩ් ජෝන්ගේ අනන්‍යතාව හෙළි කිරීම බ්‍රිතාන්‍ය පොලිසිය විසින් තවමත් සිදු කර නැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර