රුසියාවේ විපක්ෂ නායකයකු ඝාතනයට

Image copyright AFP

රුසියාවේ ව්ලදිමීර් පූතින් ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනයට ලක් කළ විරුද්ධ පක්ෂ නායකයකු වන බොරිස් නෙම්ත්සොව් නම් ප්‍රමුඛ පෙළේ විවේචකයා මරා දැමීම පිළිබඳව ජාත්‍යන්තර අප්‍රසාදය පළවෙමින් තිබේ.

මොස්කව් නුවර, ක්‍රෙම්ලිනයට නුදුරු වීදියක දීයි නෙම්ත්සොව් ට වෙඩි තබා මරා දමා තිබුණේ.

මරා දමනු ලැබීමට පෙර රුසියානු ගුවන් විදුලියේ සාකච්ඡාවකට සහභාගී වෙමින් නෙම්ත්සොව් යුක්රේනය සම්බන්ධව රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය විවේචනය කළේය.

“රටට අවශ්‍ය දේශපාලන ප්‍රතිසංවිධානයක්. බලය එක් පුද්ගලයකුගේ අතට ලැබිල ඒ පුද්ගලයා හැමදාටම පාලන බලයේ රැඳී ඉන්නවනම් ඒකෙන් වෙන්නෙ මහා විනාශයක් සිදුවෙන එක. දැන් මේ තියන ප්‍රශ්ණ සියල්ලම මිනිසුන් විසින් නිර්මාණය කරපු එව. විරුද්ධ පක්ෂ තර්ජනයට යටත් වෙලා ඉන්නවා කියන එක කියන්න මම මැලි වෙන්නේ නැහැ.”

මෙම සහාසික මරණය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසට ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා ඉල්ලා සිටියේය.

මරා දැමුණු නෙම්ත්සොව්, යුක්රේනය හා රුසියාව යාකෙරෙන පාලමක් වූ බවයි යුක්රේන ජනාධිපති පෙත්‍රෝ පොරෂෙන්කෝ ප්‍රකාශ කළේ.