කොල කෑරලා පිට 'වීසල්' ගුවන් ගමනක

Image copyright Martin Le May

කොල කෑරලා පිට ගුවන් ගමනක යන මේ මුගටියකු වැනි වීසල් (weasel) පැටියා අපූරු දසුනක්.

එය කාචයේ සටහන් කළේ එංගලන්තයේ, එසෙක්ෂි හි ආධුනික ජයාරූප ශිල්පී මාර්ටින් ලි මේ (Martin Le-May) විසින්.

ඉකුත් සඳුදා සන්ධ්‍යා කාලයේ සිය බිරිඳ ඈන් සමඟ නැගෙනහිර ලන්ඩනයේ හොර්න්චර්ච් උද්‍යානයේ ඇවිදිමින් සිටි මාර්ටින් ලි මේ (Martin Le-May) පැවසුවේ තමන්ට මහ හඬක් ඇසුණු බවත් බලාපොරොත්තු වූයේ ඉතා නරක තත්වයක් බවත්.

එත් ඔහුට විගසින් දැක ගන්නට ලැබුනේ කොල කෑරලා පිට සිටින වීසල් පැටියායි.

සමාජ වෙබ් අඩවියේ පල වීමෙන් පසුව ඊට ලැබුණු ප්‍රතිචාරයෙන් තමා පුදුමයට පත්වූ බවයි මාර්ටින් ලි මේ (Martin Le-May) පැවසුවේ.

එම ජාරූපය දහස් වාරයක් ට්වීටර් පණිවිඩ මගින් හුවමාරුවී ඇති බව ප්‍රකාශ කළ ඔහු සිය සතුට පල කලේ මේ ආකාරයට,

“ඔබ ජාරූපයක් ගන්නවා. බොහෝ දෙනෙක් එය දකිනවා විතරක් නොවෙයි ඊට විශාල කැමැත්තක් දක්වනවා. එය හීනයක් වගෙයි” වන ජීවී විශේෂඥවරියක වන ලූසි කූක් (Lucy Cook) පැවසුවේ මෙය ඉතාමත්ම සුවිශේෂී ජාරුපයක් බවයි.

Image copyright Martin Le May

කොල කෑරලා බිම් මට්ටමේ ආහාර සොයා ජීවත් වන පක්ෂියෙක්. වීසල් (weasel) පැටියා සාමාන්‍යයෙන් හාවන් ගොදුරු කර ගන්නවා. නමුත් කොල කෑරලා ගොදුරු වන්නේ නැහැ. ඒත් වීසල් බිය නැති සතුන්,” ඇය සඳහන් කළාය.

වීසල් (weasel) ගැහැණු සතකු චොක්ලට් බාර් එකක් තරම් වත් බර නැති නමුත් සිංහයෙකු මෙන් දරුණු විය හැකි නිසාම කොල කෑරලා පිට නැගී යන්නට හැකියාව ලැබෙන්නට ඇති බවයි ඇය සඳහන් කළේ.

වන ජීවී වැඩසටහන් ඉදිරිපත් කරන ස්ටීව් බැක්සෙල් පැවසුවේ ජායාරුපයේ තාත්විකභාවය පිලිබඳ ගැටලුවක් පැන නොනගින බවයි.

“එය අසාමාන්‍ය දෙයක් වුවත් කිසි දිනක නොඇසු දෙයක්ද නොවෙයි. එත් සැකයක් ඇති කර ගත යුතු නැහැ “ඔහු පැවසුවේය.

“වීසල් (weasel) සිත් ගන්නා සුළුයි. මේ සතුන්ට තමන්ට වඩා විශාල සතුන් මරා දමන්නත් හැකියි. ඉතින් ප්‍රමාණය ගැන සිතන විට මේ පුංචි සතුන් හරිම අපූරුයි” වන ජීවී වැඩසටහන් ඉදිරිපත් කරන ස්ටීව් බැක්සෙල් තවදුරටත් පැවසුවේය.