බ්‍රිතාන්‍ය දැරියන් පළා යාම ගැන පොලීසියට චෝදනා

Image copyright PA

පසුගිය මාසයේ දී සිරියාව බලා ගිය බවට සැක කෙරෙන බ්‍රිතාන්‍ය පාසල් දැරියන් තිදෙනා ගේ ඥාතීහු එම දැරියන් අතුරු දහන් වීමට පෙර ඔවුන් සම්බන්ධ කර ගැනීමට අපොහොසත් වීම පිළිබඳව පොලීසිය විවේචනයට ලක් කරති.

ඔවුන් ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධ කණ්ඩායම් වලට සම්බන්ධ වීමේ අරමුණින් සිරියාවට ගොස් ඇති බවට විශ්වාස කෙරේ.

ඒ වන විටත් සිරියාවට ගොස් සිටි එම දැරියන්ගේ මිතුරකු පිළිබඳව ඔවුන් හා සාකච්ඡා කිරීමට පොලීසියට අවශ්‍ය වී තිබුණි.

සිරියාවට ගිය එම මිතුරා සන්නද්ධ කණ්ඩායමට බැඳීම සඳහා එම දැරියන්ගේ දෙමව්පියන්ගේ අවසරය ඉල්ලා ලිපි ඒවා තිබූ බවයි සඳහන් වන්නේ.

වාර්තාවන ආකාරයට එම ලිපි මිතුරාගේ ගෙදරට ලබා දෙනු වෙනුවට පොලීසිය විසින් ඒවා මෙම දැරියන් අතට ලබා දී තිබෙන අතර ඔවුන් විසින් ඒවා සඟවා තිබේ.

රහස් පොලිස් පරීක්ෂකයන් අවධාරණය කරන්නේ මෙම දැරියන් රටින් පිටවනු ඇතැයි සිතීමට කිසිදු හෝඩුවාවක් නොතිබුණු බවයි.