බුරුම සිසුන්ට බැටන් ප්‍රහාර

Image copyright Reuters

බුරුමයේ ශිෂ්‍ය උද්ඝෝෂණ විසුරුවා හැරීම සඳහා බුරුම කැරලි මර්දන පොලිසිය බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කර තිබේ.

බුරුම රජය හඳුන්වා දුන් නව අධ්‍යාපන පනතට එරෙහිව මෙම සිසුන් වීදි බැස සිටින්නේ නව නීතිය නිසා නිදහස් අධ්‍යාපනය කප්පාදු වන බව පවසමින්.

පොලිස් මාර්ග බාධක බිඳ ගෙන ඉදිරියට යාමට තැත් කිරීමේ දී මෙම උද්ඝෝෂණයට සහභාගී වූ ශිෂ්‍යයන් කිහිප දෙනෙකුම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

Image copyright EPA

බුරුමයේ විශාලතම නගරය වන යැන්ගොන් දක්වා පෙළපාලියේ ගමන් කරමින් සිටි සිසුන් එකසිය පනස් දෙනෙකු පමණ පොලිසිය විසින් අතරමග දී නතර කරනු ලැබුවේ පසුගිය සතියේදී යි.

ඔවුන් යැන්ගොන් දක්වා පා ගමනින් පැමිණීම සඳහා මණ්ඩලේ නගරයෙන් ගමන් ඇරඹුවේ මීට මාසයකට පමණ පෙර දීයි.