ලාහෝරයේ කිතුනු දේවස්ථාන දෙකකට බෝම්බ ප්‍රහාර

Image copyright EPA

ලාහෝරයේ කිතුනු දේවස්ථාන දෙකකට එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් දාහතර දෙනකු මරුමුවට පත් වී තිබේ.

ඉරිදා දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවේදීයි ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ.

Image copyright AFP
Image copyright EPA

ප්‍රහාරයෙන් පසු වීදි බට කෝපයට පත් ජනතාව දෙදෙනකුට පහර දී මරා දමා ඇති බව වාර්තා වේ.

පාකිස්තානයේ වැඩිම කිතුනු ජන ඝනත්වය වෙසෙන ලාහෝර් නුවර යුහානාබාද් ප්‍රදේශයේ දීයි, දේවස්ථානවලට එම ප්‍රහාර එල්ල වී තිබෙන්නේ.

ප්‍රහාරයේ තමන් විසින් සිදු කරනු ලැබූ බව තාලිබාන් සංවිධානයට සම්බන්ධ ජමාතුල් ආහ්රා සන්නද්ධ සංවිධානය පවසයි.