ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මරා දැමුණු තරුණිය වෙනුවෙන් ජනතාව වීදි බසිති

පහර දී මරා දැමුණු ඇෆ්ගනිස්තානු තරුණිය බේරා ගැනීම සඳහා ක්‍රියාත්මක නොවූ බවට ඇයගේ පවුලේ ඥාතීහු පොලිසියට චෝදනා කළහ.

විසිඅට හැවිරිදි ෆර්කුන්දා නමැති තරුණිය කුරානයේ පිටපත් පුලුස්සා දැමූ බවට කාබුල් පල්ලියේ මුල්ලාවරයකු විසින් චෝදනා එල්ල කර ඇති අතර ඉන් පසු කෝපයට පත් පිරිසක් මිය යන තෙක් ඇයට පහර දී ඇයගේ සිරුර පුළුස්සා දමා තිබේ.

පහර දීම සිදු වූ අවස්ථාවේ, පොලිසිය එය වැළැක්වීමට කටයුතු නොකර ඒ අසලම සිටි බව මිය ගිය තරුණියගේ පියා පැවසුවේය.

පල්ලියේ මුල්ලාවරයා දරු පළ නොමැති කාන්තාවන්ගෙන් මුදල් අය කොට ගුරුකම් කළ බව පවසමින් මිය ගිය තරුණිය ඔහු හා බහින්බස් වූ බවයි පහර දීම සිදු වීමට පෙර ඒ අසල සිටි පුද්ගලයකු කියා සිටියේ.