බුරුම ශිෂ්‍ය උද්ඝෝෂකයන් උසාවියට

Image copyright AFP

පසුගිය දා බුරුමයේ පැවති ශිෂ්‍ය උද්ඝෝෂණයක දී පොලිස් අත්අඩංගුවට පත් ශිෂ්‍යයන් සහ ක්‍රියාධරයන් හැට පස් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

රාජ්‍ය සේවකයන්ට නින්දා කිරීම, විසිර යාමට දුන් අණ නොපිළිපැදීම, රජයට නිග්‍රහ කිරීම සහ කැරලි කෝලාහලවලට උල්පන්දම් දීම ඔවුන්ට නගා ඇති චෝදනා අතර වෙයි.

මෙම චෝදනා ඔප්පු වුවහොත් ඔවුනට වසර නවයක් දක්වා සිර දඬුවම් හිමි වීමට ඉඩ තිබේ.

Image copyright AFP

බුරුම රජය විසින් හඳුන්වා දෙනු ලැබූ නව අධ්‍යාපන පනත මගින් නිදහස් අධ්‍යාපනය කප්පාදු වන බව පවසමින් මෙම ශිෂ්‍යයෝ වීදි බැස උද්ඝෝෂණයේ යෙදී සිටියෝය.

මෙම පිරිස මැදට කඩා වැදුණු පොලිස් භටයන් විසින් ශිෂ්‍යයන්ට වට කර පහර දෙනු ලබන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් නිකුත් වී තිබුණු අතර එය ජාත්‍යන්තර ප්‍රජාවගේ හෙලා දැකීමට ලක් විය.

Image copyright Reuters

මෙම සිදු වීම සම්බන්ධයෙන් බීබීසීයට අදහස් දැක් වූ බුරුම ජනාධිපති තෙයින් සෙයින් කියා සිටියේ මෙවැනි සිදුවීමක් ඇතැම් බටහිර රටවල සිදු වූයේ නම් එය වෙඩි ප්‍රහාරවලින් සහ මරණවලින් කෙළවර වන්නට ඉඩ තිබූ බවයි.

Image copyright Reuters

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර