ඉන්දියාවේ කිතුනුවෝ ආරක්ෂාව ඉල්ලති

ඉන්දියාවේ කිතුනු දේවස්ථානවලට ප්‍රහාර එල්ල වීම දිගටම සිදු වන බැවින් එම ස්ථානවලට ආරක්ෂාව සපයන මෙන් ඉන්දියාවේ රෝමානු කතෝලික පූජකවරයෙක් ඉල්ලා සිටිති.

දිල්ලියේ අගරදගුරු වසම ඉල්ලා සිටියේ නීතිය හා සාමය නිසි ලෙස ස්ථාපිත කරන ලෙසයි.

කිතුනු පාසල් ඉදිරිපිට සන්නද්ධ ආරක්ෂක මුරකාවල් පිහිටුවිය යුතු බවයි කල්කටා නුවර ඩොමිනික් ගෝමස් පියතුමා බීබීසීයට කියා සිටියේ.

ඉන්දියාවේ බටහිර සහ මධ්‍යම ප්‍රදේශවල කිතුනු දේවස්ථාන වලට එල්ල වූ ප්‍රහාරයන් සම්බන්ධයෙන් සැක පිට කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගෙන තිබේ.

මුම්බායි නුවර අගරදගුරු තුමා කියා සිටියේ කතෝලික දේවස්ථානවලට පහර දීම ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ ඇති බව තමා නොසිතන බවයි.

නමුත් වත්මන් ආණ්ඩුව පත් වීමෙන් පසු සැළසුම් සහගතව කිතුනුවන්ට එරෙහි ප්‍රහාර සිදු වන බවයි අගරදගුරු තුමා පැවසුවේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර