ලුබිට්zස් මානසික ආතතියකින් පෙළුණු බව පෙම්වතිය පවසයි

Image copyright AP

තමා ගේ නම සියල්ලන්ගේම මතකයේ රැඳෙන අකාරයේ යමක් තමන් කරන්නට යන බව ජර්මානු ගුවන් යානය අනතුරට පත් කළ සහායක ගුවන් නියමු අන්ද්‍රේයාස් ලුබිට්zස් (Andreas Lubitz,) පවසා තිබූ බව ඔහුගේ පෙම්වතිය මාධ්‍යයට හෙළි කරයි.

ගුවන් සේවිකාවක් වන ඇය ජර්මනියේ බිල්ඩ් (Bild) පුවත්පතට පැවසුවේ ලුබිට්zස් මානසික ආතතියකින් පෙළුණු ක්ෂණිකව කෝපයට පත්වන සහ කලහකාරී ලෙස ක්‍රියාකරන්නකු වූ බවයි.

තමන්ගේ මානසික තත්වය අන්‍යයන්ගෙන් සඟවාගෙන සිටීමට හොඳ හැකියාවක් ඔහුට තිබුණු නමුත් ඇතැම් විට රාත්‍රියේ නින්දෙන් අවදි වී අපේ ගුවන් යානය කඩා වැටෙනවා යනුවෙන් මහ හඬින් කෑගැසූ බවද ඇය පවසා තිබේ.

ඔහුගේ මෙම මානසික රෝගී තත්වය හේතුවෙන් යම් දිනක ඔහු ප්‍රධාන නියමුවා වේ දෝ යි බියෙන් තමා පසුවූ බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ.