ලී ක්වාන් යූ ගේ අවමංගල්‍ය පෙරහැරට ජන ගංගාවක්

Image copyright Getty

සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන ලී ක්වාන් යූ ගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වී සිටින ඔහුගේ පවුලේ ඥාතීහු, සාමාන්‍ය ජනතාව සහ කලාපීය නායකයෝ සිය අවසන් ගෞරව දක්වති.

අවමංගල්‍ය උත්සවය ඇමතූ ලී ක්වාන් යූ ගේ පුත් සිංගප්පූරුවේ වර්තමාන අගමැති ලී හ්සීන් ලූන් සිය පියා හැඳින්වූයේ සටන්කාමියකු ලෙසයි.

සත්‍යයට බියෙන් පළා නොගොස් ඊට නොබියව මුහුණ දෙමින් සිංගප්පූරුව ගොඩ නැගීම සඳහා සිය පියා කටයුතු කළ බවත් ඔහු සඳහන් කළේය.

Image copyright Getty
Image caption වර්ෂාව නොතකා සිය නායකයාට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටින සිංගප්පූරු වැසියන්
Image copyright Getty

පැවති මිනිත්තුවක නිහඬතාවට පෙර සෙසු ආරාධිතයෝ අවමංගල්‍ය උත්සවය ඇමතූහ.

ඉන් අනතුරුව හිටපු අගමැති ලී ක්වාන් යූ ගේ දේහය ආදාහනාගාරය වෙත ගෙන ගියේ සිංගප්පූරු වැසියන්ගේ සෝසුසුම් මධ්‍යයේයි.

වසර තිහකට වැඩි කාලයක් අගමැති ධුරය හොබවමින් සිංගප්පූරුව ආසියාවේ ධනවත්ම රටවලින් එකක් බවට පත් කළ ලී ක්වාන් යූට දේශපාලනික සහ සමාජීය නිදහස සීමා කළ බවට නිතර චෝදනා එල්ල විය.