ඩකා: තවත් බ්ලොග්කරුවකු මරා දැමෙයි

Image copyright AFP
Image caption වශිකුර් රහ්මාන්ගේ ඝාතනය හේතුවෙන් ඔහුගේ ඥාතීහු ශෝකයට පත් වී සිටිති

බංගලාදේශයේ ඩකා අගනුවරදී බ්ලොග් ලේඛකයකු කපා කොටා මරා දමා ඇති බව එරට පොලිසිය පවසයි.

අන්තර්ජාල බ්ලොග් අඩවි ලේඛකයකු වන වශිකුර් රහ්මාන් ඝාතනය කර තිබුණේ ඔහුගේ නිවස අසලදීයි.

Image copyright AFP
Image caption සැකපිට රැඳවුම් භාරයට ගනු ලැබූ ශිෂ්‍යයින් දෙදෙනා

ඝාතනය සම්බන්ධයෙන් ඉස්ලාමීය පූජක විද්‍යාලයක ශිෂ්‍යයින් දෙදෙනකු රැඳවුම් භාරයට ගත් බව පොලිසිය සඳහන් කළේය.

ස්වාධීන ලේඛකයන්ට එරෙහිව බංගලාදේශයේ සිදු වන ඝාතන මාලාවේ අලුත්ම ගොදුර බවට පත් වූයේ වශිකුර් රහ්මාන්.

ඩකා අගනුවරට පැමිණි ඇමෙරිකාවේ ජීවත් වෙන අවිජිත් රෝයි නම් අදේවවාදී බංගලාදේශ ලේඛකයා පසුගිය පෙබරවාරි මාසයේදී මේ ආකාරයටම කපා කොටා මරා දමා තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර