කාශ්මීරයේ නාය යෑමකට හසු වී පහළොවක් මරුට

Image copyright Reuters

ගංවතුරත් සමග ඇති වූ නාය යෑමකට හසු වී පහළොස් දෙනකු මරුමුවට පත් වී ඇති බව ඉන්දීය පරිපාලනයේ පවතින කාශ්මීරයේ බලධාරීහු පවසති.

ශ්‍රීනගර් ප්‍රදේශය ආසන්නයේ සිදු වූ නාය යෑමට හසු වී විනාශ වූ නිවාස දෙකක සිටි පුද්ගලයින් මෙලෙස මරුමුවට පත් වී තිබේ.

Image copyright Reuters
Image caption නාය යෑමට හසු වී මිය ගිය පුද්ගලයන්ගේ ශෝකයට පත් ඥාතීන්
Image copyright EPA

ප්‍රදේශයේ පවතින ගංවතුර හේතුවෙන් සිය ගණනක් වැසියන් සිය නිවෙස් අත හැර ගොස් ඇති බවයි බලධාරීන් කියා සිටියේ.

පසුගිය සැප්තැම්බරයේදී ඉන්දීය පරිපාලනයේ පවතින කාශ්මීරයේ “වසර පනහකට පසු ඇති වූ දරුණුතම ගංවතුරට” හසු වී පුද්ගලයන් දෙසීය පනහකට වැඩි දෙනෙක් මිය ගියහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර