ජනාධිපතිවරණයෙන් ගුඩ්ලක් පරාද වෙයි

Image copyright Getty
Image caption මොහොම්මදු බුහාරි

නයිජීරියාවේ ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති ගුඩ්ලක් ජොනතන් පරාජය කරමින් ප්‍රතිවාදී අපේක්ෂක මොහොම්මදු බුහාරි ජයග්‍රහණය කර තිබේ.

සිය ජයග්‍රහණය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පවතින බවට සහතිකයක් වන බවයි මොහොම්මදු බුහාරි පවසන්නේ.

Image copyright ap

හිටපු ජනාධිපතිවරයා ව මිලියන දෙකකට ආසන්න ජන්ද ගණනකින් පරාජය කළ මොහොම්මදු බුහාරි නයිජීරියාවේ හිටපු හමුදාපතිවරයා වන අතර 1980 දී හමුදා කුමන්ත්‍රණයකින් බලයට පැමිණ තිබේ.

නමුත් මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් මොහොම්මදු බුහාරි සිය ප්‍රචාරක කටයුතු ඇරඹුවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීම සහ දූෂිත දේශපාලනය තුරන් කිරීම යන ප්‍රතිපත්ති පෙරදැරි කර ගෙනයි.

නයිජීරියාවේ මෙතෙක් පැවති කිසිදු ජනාධිපතිවරණයකින් බලයේ සිටින ජනාධිපතිවරයා පරාජය වී තිබුණේ නැත.