ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

චීනයේ රසායන කම්හලක පිපිරීමක්

නැගෙනහිර චීනයේ රසායන ද්‍රව්‍ය කම්හලක සිදු වූ හදිසි පිපිරීම චීන සමාජ මාධ්‍ය ජාලය තුළ මහත් අවධානයට ලක් වී ඇත්තේ එවැනි කම්හල් පිහිටුවන ස්ථාන වල යෝග්‍යතාව පිලිබඳ ජනතා කතිකාවතක් අරඹමින්.

වෙයිබෝ (Weibo) නම් ජනප්‍රිය කුඩා පරිමාණ ‘බ්ලොග්’ ජාලය භාවිතා කරන බොහෝ පිරිස් පවසා ඇත්තේ සඳුදා සිදු වූ මෙම පිපිරීම රසායනික ද්‍රව්‍ය කම්හල් පිහිටුවන ස්ථාන පිලිබඳ අවධානය යොමු කිරීමට ජනතාවට ඇති අයිතිය මතු කර දක්වන බවයි.

ෂාන්ග්ශෞ (Zhangzhou) නගරයේ පිහිටුවා ඇති මෙම කම්හල තුළ ප්ලාස්ටික් බෝතල් නිපදවීමට ගන්නා පැරක්සිලින් (Paraxylene) නම් ද්‍රව්‍යය නිෂ්පාදනය කරන අතර එම කම්හල එහි පිහිටුවූයේ වඩාත් ජනාකීර්ණ නගරයක් වූ ශියාමෙන් (Xiamen) නගරයේ එය පිහිටුවීමට යද්දී ඇති වූ ඇති විශාල විරෝධතා හේතුවෙන්.

නැගෙනහිර චීනයේ බලධාරීන් පවසන්නේ සඳුදා සිදු වූ පිපිරීමෙන් පරිසර හානියක් හෝ පුද්ගලයන්ට අනතුරු සිදුවීමක් සිදු වී නැති බවයි.