ඉන්දියාවේ වගා හානි වන්දිය 50% දක්වා ඉහළට

Image copyright AFP
Image caption වගා හානි සඳහා රජයෙන් ලැබෙන සහය ප්‍රමාණවත් නැති බව පවසමින් ගොවීන් පැවැත්වූ විරෝධතාවක්

අධික වර්ෂාව හේතුවෙන් වගා කටයුතු හානි වූ ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ ගොවි ජනතාව වෙනුවෙන් වන්දි මුදල් ලබා දීමට සහ ආධාර මුදල් වැඩි කිරීමට සැලසුම් කර ඇති බව අගමැති නරේන්ද්‍ර මෝදී පවසයි.

පසුගිය සති කිහිපය තුළ දී පමණක් රජයෙන් ප්‍රමාණවත් සහායක් නො ලැබීම හේතුවෙන් ගොවීන් සැලකිය යුතු සංඛ්‍යාවක් සිය දිවි හානි කර ගත් අතර ගම්බද ප්‍රදේශ වල ජීවත්වන ජනතාව අතර කෝපය වර්ධනය වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

අග්‍රාමාත්‍ය මෝදී පවසන්නේ හානි වූ වගාවන් සඳහා වන්දි මුදල 50% කින් වැඩිකරන බවයි.

ඉන්දීය ජනගහනයෙන් වැඩි පිරිසක් ගම්බද ප්‍රදේශ වල ජීවත් වන අතර ඔවුන් අඩු ආදායම් තත්වය සහ සම්පත් හිඟ කමින් පීඩා විඳින බවයි පැවසෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර