ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගිනිකන්දක් මතට විශ්මය ජනක පිම්මක්

සෙබස්තියන් ඇල්වරේස් (Sebastian Alvarez) හෙලිකොප්ටරයක නැගී චිලී රටේ සන්තියාගෝ හි පිහිටි කැරෝ මන්කුඑහු (Cerro Manquehue) නම් මළ ගිනි කන්දකට ඉහළ අහසේ දක්වා ගමන් කළේය.

ඉන්පසු කඳු මුදුනේ සවි කර තිබූ චිලී ජාතික කොඩිය ඉලක්කයක් කොට ගෙන හෙලිකොප්ටරයේ සිට පහළ අවකාශයට පැන්නේ බලා සිටියවුන් විශ්මයට පත්කරමින්.

ඇල්වරේස් ගේ ශරීරයේ වීඩියෝ කැමරා කිහිපයක් සවිකර තිබුණු අතර ඔහුගේ හිසේ සහ පපුව ප්‍රදේශයේ තිබූ කැමරා වලත් ඇස් අදහාගත නොහැකි දර්ශන සටහන් වී තිබුණි.

එම දර්ශනය ආරම්භ වන්නේ ඇල්වරේස් ගේ මිතුරන් දෙදෙනෙකු විසින් චිලී ජාතික ධජය කඳු මුදුනේ සවිකරන විට ගිනි කන්දේ මුදුන වෙතට එල්ල වී ඔහු හෙළි කොප්ටරයෙන් පනින ආකාරය පෙන්වමින්.

ඔහු තම කුසලතාව සනාථ කරන්නේ ජාතික ධජය සිදුරු කරමින් ඒ හරහා ඉතා අධික වේගයෙන් පියාසර කරමින්.