සංගා සහ මැතිව්ස් ක්‍රිකට් ලෝකයේ ඉදිරියෙන්ම

Image copyright AFP
Image caption වසර සියයකට වැඩි කාලයක් වාර්ෂිකව පළවන “විස්ඩන් ක්‍රිකටර්ස්” සඟරාව විසිනුයි මේ නම් කිරීම කර ඇත්තේ

වසර 1864 සිට ප්‍රකාශයට පත්වන ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් සඟරාවක් වන “විස්ඩන් ක්‍රිකටර්ස්” (Wisden Cricketers) විසින් ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර 2015 වසරේ ලෝකයේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයන් දෙදෙනාගෙන් කෙනෙකු ලෙස නම් කොට තිබේ.

ඔහු හා සමතැන් ගන්නා අනෙක් ක්‍රීඩකයා වන්නේ ඉන්දියාවේ විරේන්දර් සෙවාග් (Virender Sehwag) ය.

මීට අමතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් ගේ නම වසරේ හොඳම ක්‍රීඩකයන් පස් දෙනා අතර ට එක් වී තිබේ.

මෙවර නම් කිරීමේ විශේෂත්වය වන්නේ ශත වර්ෂයකට අධික කාලයක් තිස්සේ කලාප 152 ක් නිකුත් කළ මෙම සඟරාව මගින් ප්‍රථම වතාවට කාන්තාවක ගේ නමක් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමුඛයන් අතර සඳහන් කිරීමයි.

Image copyright AFP
Image caption ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මෙග් ලෑනින්

ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායක මෙග් ලෑනින් ගේ නම මෙසේ ලෝකයේ ඉදිරියෙන්ම සිටින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සඳහන් කොට තිබේ.

“විස්ඩන් ක්‍රිකටර්ස්” සඟරාවේ සංස්කාරක ලෝරන්ස් බූත් (Lawrence Booth) සඟරාව විසින් නම් කළ වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයන් පස් දෙනා පිලිබඳ බී බී සී යට විස්තර කළේය.

“එංගලත්ත කණ්ඩායමේ මොවීන් අලි, ඔහු ඉතා හොඳින් පන්දු යැව්වා පසුගිය ග්‍රීෂ්ම ඍතුවේ දී ඉන්දියාවට එරෙහිව, ගැරී බැලන්ස්, ඔහු එංගලන්තය වෙනුවෙන් ශතක තුනක් වාර්තා කළා, ඇඩම් ලයි යෝර්ක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ ආරම්භක පිති කරුවා ප්‍රාන්තයේ හොඳම කණ්ඩායම බවට තම කණ්ඩායම පත් කළා. ඒ සමගම ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජෙලෝ මැතිව්ස්, ඔහුගේ නායකත්වයෙන් පසුගිය ග්‍රීෂ්ම ඍතුවේ දී ලෝක කුසලානය දිනා ගත්තා ඒ වගේම නවසීලන්තයේ ජීතෙන් පතෙල්, ඔහු විකට් සියයකට වැඩිය ලබා ගත්තා.” යනුවෙන් ඔහු පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර