ඉතාලියේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

Image copyright Reuters

ඉතාලියේ මිලාන් නුවර අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී විනිසුරුවරයෙකු සහ නීතිඥවරයෙකු වෙඩි තබා ඝාතනය කරනු ලැබ ඇත.

මිලාන් පොලිසිය පවසන්නේ වෙඩි තැබීම සිදු කර ඇත්තේ වංචා සහගත ලෙස බංකොලොත් බව ප්‍රකාශ කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවකු විසින් වන බවයි.

Image copyright AP
Image caption වෙඩි තැබීමේ සිදුවීමෙන් පසු පොලිසිය විසින් අධිකරණ සංකීර්ණය තුල සිටි පිරිස ගොඩනැගිල්ලෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදි.

විත්ති කරු අධිකරණ ගොඩනැගිල්ල තුල ආරක්ෂාව යටතේ රඳවා සිටින අතර තුර පළා යාමට යතුරුපැදියක් යොදා ගෙන ඇති බවයි ඉතාලියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන්නේ.

වෙඩි තැබීමෙන් අනතුරුව පළා ගිය විත්තිකරු පසුව මිලාන් නුවර උතුරු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණ සංකීර්ණයේ තිබී තවත් මළ සිරුරක් සොයා ගෙන ඇති නමුත් එම පුද්ගලයාගේ මරණය කුමන හේතුවක් මත සිදු වුවාද යන්න තවමත් හෙළි වී නැති බවයි ඉතාලි මාධ්‍ය විසින් වාර්තා කර තිබෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර