නයිජීරියානු දැරියන් පැහැර ගෙන ගොස් වසරයි

Image caption ‘බොකෝ හරාම්’ සටන් සංවිධානය විසින් නිකුත් කරන ලද පැහැර ගැනුණු දැරියන්ගේ ඡායාරූපයක්

ඉස්ලාමීය ‘බොකෝ හරාම්’ සටන්කරුවන් විසින් දෙසීයකට වැඩි නයිජීරියානු පාසල් දැරියන් පැහැර ගනු ලැබ වසරක් ගත වීම ලොව පුරා අනුස්මරණය කෙරෙයි.

පැහැර ගැනීමට ලක් වූ දැරියන් නැවත දෙමව්පියන් වෙත රැගෙන ඒම සඳහා සිය උපරිම බලය යොදන බව නයිජීරියානු නව ජනාධිපති මුහම්මාදු බුහාරි පවසා තිබේ.

Image copyright Getty
Image caption පැහැර ගැනුණු දැරියන් අනුස්මරණය කිරීම සඳහා නිව්යෝර්ක් නුවරට එක් වූ පිරිසක්

නමුත් ඒ අතර සිටින ඇතැම් දැරියන් කිසිදා හමු නොවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

පාසල් දැරියන් පැහැර ගෙන ගොස් වසරක් ගත වීම අනුස්මරණය කිරීම පිණිස ආබුජා අගනුවර සංවිධානය කර ඇති රැළියට සහභාගී වීම සඳහා ජනතාව එක් රැස් වෙමින් සිටිති.

Image copyright Reuters
Image caption ‘බොකෝ හරාම්’ ඉස්ලාමීය සටන්කරුවන්

දෙසීයකට අධික පාසල් දැරියන් අනුස්මරණය කිරීම සඳහා නයිජීරියාවේ සෙසු නගර තුළ සහ ලොවපුරා නොයෙකුත් ස්ථානවල අනුස්මරණ උත්සව පැවැත්වේ.