දලයි ලාමාට එරෙහිව තවත් චීන ප්‍රහාරයක්

Image copyright Reuters

චීන බලධාරීන් ටිබෙට් බෞද්ධ නායක දලයි ලාමා ඉලක්ක කර ගනිමින් තවත් ප්‍රහාරයක් එල්ල කර ඇත.

ටිබෙටය නිදහස් කර ගැනීම සඳහා දලයි ලාමා ප්‍රචණ්ඩ ක්‍රියා උපයෝගී කර ගන්නා බවටයි චීන බලධාරීන් චෝදනා කරන්නේ.

හිමාලය කලාපයට බල පැවැත්වෙන සිය පිළිවෙත විස්තර කෙරෙන ලේඛනයක් මගින් තවදුරටත් අදහස් දක්වන චීන පාලනය රටින් පළා ගොස් සිටින භික්ෂුවක් සමඟ පවතින තත්වය යටතේ සාකච්ඡා කිරීමේ පදනමක් නොමැති බවත් කියා සිටියි.

දලයි ලාමා ටිබෙට් දේශයට වඩාත් ඉහල මට්ටමේ ස්වයංපාලනයක් ඉල්ලමින් දීර්ඝ කාලයක් උපදේශාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

එසේම චීනයේ වර්තමාන ජනාධිපති ෂින් ජින්පිං ටිබෙට් ජනතාව සමඟ පවත්වනු ලබන සම්බන්ධතා පිළිබඳව වෙනත් පිළිවෙතක් අනුගමනය කරනු ඇත යන්න දලයි ලාමාගේ බලාපොරොත්තුවයි.

එහෙත් දලයි ලාමා හෝ ටිබෙට් දේශය සම්බන්ධයෙන් චීන ස්ථාවරයේ වෙනසක් සිදු වී නැති බව බේජිං බලධාරීන්ගේ ඉහත කී ලේඛනය මගින් පෙන්නුම් කෙරෙන බවයි වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර