ඉන්දුනීසියාවේ මත්පැන් අලෙවියට තහංචි

Image copyright EPA

ඉන්දුනීසියාව පුරා දස දහසකට අධික කුඩා පරිමාණ මත්පැන් වෙළඳ සැල් වසා දැමීමට ඉන්දුනීසියානු බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ හේතුවෙන් ඉන්දුනීසියාවේ මත්පැන් අලෙවිය සුපිරි වෙළඳ සැල්, භෝජනාගාර සහ අවසර ලත් තැබෑරුම් වලට පමණක් සීමා වන බවයි වාර්තා වන්නේ.

මෙම පියවර ගැනීමට බලධාරීන් තීරණය කොට තිබෙන්නේ සීග්‍රයෙන් ඉහල යන අඩු වයස් තරුණ පිරිස මත්පැන් මිල දී ගැනීම වැළැක්වීමේ පියවරක් වශයෙනි.

ඉන්දුනීසියානු ඉස්ලාම් දේශපාලන පක්ෂ දෙකක් යෝජනා කර තිබෙන්නේ වැඩි වශයෙන් මුස්ලිම් වැසියන් ජීවත් වන රටක් වශයෙන් ඉන්දුනීසියාව මත්පැන් සම්පුර්ණයෙන් තහනම් කළ යුතු බවයි.

සංචාරක කර්මාන්තයට මෙම නව නීතිය මගින් හානි සිදු විය හැකි බව පැවසෙන අතර ඇතැමුන් ගෙන ඇති තීරණයට සහයෝගය පළ කර නොමැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර