පකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය මරණ දඬුවම් පමා කරයි.

Image copyright BBC World Service
Image caption පකිස්තානයේ හමුදා අධිකරණයක්

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වල නිරත වූ පුද්ගලයන් හය දෙනෙකුට මරණීය දණ්ඩනය ලබා දීම පමා කිරීමට පකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට තිබේ.

එම පුද්ගලයන් හය දෙනාට මරණ දණ්ඩනය පනවා තිබුණේ පකිස්තානයේ හමුදා අධිකරණයක් මගිනි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා තිබූ දඬුවම පමා කිරීමට නියෝග කර තිබෙන්නේ, පකිස්තානයේ ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන අස්මා ජන්ගීර් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් හේතුවෙනි.

එම පෙත්සම මගින් වැරදි කරුවන්ට දඬුවම් ලබා දුන් අධිකරණයේ වලංගුතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ප්‍රශ්න කර තිබේ.

හමුදා අධිකරණ පකිස්තානය තුල පිහිටවනු ලැබුවේ පසුගිය දෙසැම්බර් මාසයේ පෙෂාවර් ප්‍රදේශයේ පාසලකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් එකසිය පනස් දෙනෙකු ඝාතනය කෙරුණු සිදුවීමෙන් අනතුරුවයි.

පකිස්තාන රජය පවසන්නේ ත්‍රස්තවාදී අපරාධ කඩිනමින් අධිකරණය කරා ගෙන ඒම හමුදා අධිකරණ පිහිටුවීමේ අරමුණ වන බවයි.

නමුත් විවේචකයන් පවසන්නේ සැක කරුවන්ට සාධාරණ නඩු විභාගයක් ලබා නොදී දඬුවම් පැමිණවීමට මෙම හමුදා අධිකරණ යොදා ගත හැකි බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර