තරුණයාගේ ඝාතනය: පොලිසියේ දෙදෙනකු අත්අඩංගුවට

Image copyright Getty
Image caption ඉන්දීය විරෝධී පාගමනක් සංවිධානය කිරීම හේතුවෙන් බෙදුම්වාදී නායක මසාරත් අලාම් අත් අඩංගුවට ගැනුණු අතර ඊට එරෙහිව උද්ඝෝෂණ පැවැත්විණි

ඉන්දීය විරෝධී උද්ඝෝෂණයක් අතරතුර සිදු වූ නව යොවුන් තරුණයකුගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරයේ බලධාරීහු පවසති.

නියමිත ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කර උද්ඝෝෂකයන්ට වෙඩි තබා ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වීමත් සමග ඉහත කී පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි බලධාරීන් කියා සිටියේ.

බෙදුම්වාදී නායකයකු අත්අඩංගුවට ගනු ලැබීමට එරෙහිව උද්ඝෝෂණ කළ විරෝධතාකරුවන් ආරක්ෂක අංශ වෙත ගල්මුල් එල්ල කිරීමත් සමග ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලිසිය කළ විවෘත වෙඩි තැබීමකදී නව යොවුන් තරුණයා මරුමුවට පත් වී තිබේ.

ඉන්දීය පාලනයට එරෙහි කණ්ඩායම් සහ ආරක්ෂක අංශ අතර දින දෙකක් ගැටුම් පැවති අතර සෙනසුරාදා සිදු වූ ඝාතනයෙන් පසු කාශ්මීරයේ බොහොමයක් නගර තුළ දැඩි නිශ්ශබ්දතාවක් දක්නට ඇති බව වාර්තා වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර