මිනිස් ජාවාරම් කරුවෙකුගේ පාපොච්චාරණය

Image copyright AP

සත්‍ය වශයෙන් මධ්‍ය ධරණීය මුහුදේ ගිලීමෙන් මිය යන නීති විරෝධී සංක්‍රමණිකයන් ගණන වාර්තා වීම වැලක් වීමට යුරෝපීය රටවල් මහත් උත්සාහයක් දරමින් සිටියි.

නමුත් සැබෑ ප්‍රශ්නය මතු වන්නේ මෙම සංක්‍රමණිකයන් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරන ජාවාරම් කරුවන් හේතුවෙන්.

යුරෝපීය බලධාරීන්ගේ ප්‍රධාන ඉලක්කය මෙම මිනිස් ජාවාරම් කරුවන් වුවත් ඔවුන් ගෙන යන සංකීර්ණ අපරාධ වළල්ල දේශ සීමා ඉක්මවා යන බහු ජාතික සමාගම් වල බලපෑමත් සමග ශක්තිමත්.

ලිබියාවේ මුහුදු සීමා බලධාරීන් විශ්වාස කරන්නේ මිනිස් ජාවාරම් කරුවන් ඉතාලි ජාතික සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග එක්ව වැඩ කිරීම සීග්‍රයෙන් ඉහල යමින් පවතින බවයි.

ගියම්පාලෝ මුසේමි වසර දෙකක් නීති විරෝධී සංක්‍රමණිකයන් ප්‍රවාහනයේ යෙදුන පුද්ගලයෙකු වන අතර ඔහු සිය අත්දැකීම් විස්තර කරමින් මිනිස් ජාවාරම් කරුවෙකුගේ පාපොච්චාරණය නමින් අන්තර්ජාලයේ පොතක් පළ කළේය.

සිය අත්දැකීම් විස්තර කරන ගියම්පාලෝ පවසන්නේ වසර පහළොවක් මුළුල්ලේ සංක්‍රමණිකයන් ජාවාරම් කිරීමේ යෙදෙමින් අති විශාල සංවිධානාත්මක අපරාධ වළල්ලක් ගොඩනැගීමට සමත් ජාවාරම් කරුවෙකු ඊජිප්තුවේ දී ඔහුට හමු වූ බවයි.

ආරක්ෂා සහිත සේවයක්

Image copyright AFP

ඔහු තව දුරටත් කියා සිටියේ මෙම ජාවාරම් කරු සංක්‍රමණිකයන්ගේ ආරක්ෂාව සිය වගකීමක් ලෙස පිලි ගැනීමට තදින්ම විරුද්ධ වූ බවයි.

නමුත් ගියම්පාලෝ බීබීසියට කියා සිටියේ සිය ගැනුම්කරුවන් මිය යනවා දැකීමට තමන්ට අවශ්‍ය නැති අතර, සංක්‍රමණිකයන්ට ආරක්ෂා සහිත සේවයක් ලබා දීම තුලින් සිය ව්‍යාපාරයට වෙළඳපොළේ හොඳ නාමය හිමි වන බවයි.

තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දැන් තමන් මහා පරිමාණ ජාවාරම් කරුවෙකු වන බැවින් තමන්ට වැඩි සංක්‍රමණිකයන් පිරිසක් ලැබෙන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින හොඳ නාමය හේතුවෙන් බවයි.

මේ වසර තුල යුරෝපයට ප්‍රවාහනය කළ නීති විරෝධී සංක්‍රමණිකයන් ප්‍රමාණය 35000 ඉක්මවන බවයි සිය ව්‍යාපාරික ජයග්‍රහණ විස්තර කරන ගියම්පාලෝ පවසන්නේ.

ඒ අනුව ගියම්පාලෝගේ වසරක ඇස්තමේන්තු ගත ලාභය යුරෝ මිලියන 300-600ත් අතර වේ.

ලිබියාවේ නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කරන පිරිස ඉතා ඉහළ බැවින් සිය ජීවිත ජාවාරම් කරුවන්ගේ අතට පත් කරනවා හැරෙන්නට ඔවුන්ට වෙන විකල්පයක් නැති බවයි ගියම්පාලෝ පවසන්නේ.

ඇති විශාල මුදලක් සංක්‍රමණිකයන්ගෙන් අය කරන බැවින් සේවාවේ ගුණාත්මක බව, ආරක්ෂා සහිත බව වැඩි කිරීමට ජාවාරම් කරුවන්ට හැකියාව ඇති නමුත් අධික ඉල්ලුමක් පවතින මෙවැනි නීති විරෝධී ජාවාරම් කරුවන් තමන්ට කැමති ඕනෑම දෙයක් කිරීමට පෙලඹෙන බවයි ගියම්පාලෝ විශ්වාස කරන්නේ.