නේපාලයේ මරණ සංඛ්‍යාව හාරදහස් තුන්සීයක්

Image copyright Getty

පසුගිය සෙනසුරාදා ඇති වූ දරුණු භූමිකම්පාවෙන් ඇති වූ ජාතික ව්‍යසනය හේතුවෙන් නේපාලය දැඩි කම්පනයට පත්ව සිටින බව එරට රජය පවසයි.

නේපාල අගමැති සුෂිල් කොයිරාල කියා සිටියේ විපතට පත් හිමාලයේ ගම්මාන වලින් උපකාර කරන මෙන් නොනැවතී ඉල්ලීම් ගලා එන අතර සෑම ගම්මානයකට ම සහන සැපයීමට බලධාරීන් වෙහෙසෙමින් සිටින බවයි.

Image copyright Getty

මේ වන විට විපතින් අවතැන් වූ හුදකලා පෙදෙස් වල සිර වී සිටින පුද්ගලයන්ට කූඩාරම් රෙදි, බෙහෙත් සහ ආහාර ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් ගුවනින් මුදා හරිමින් සිටියි.

භූමි කම්පාවේ කේන්ද්‍රයට ආසන්නයේ පිහිටි ගම්මානයක සිට තොරතුරු ගෙනෙන බීබීසි වාර්තා කරුවෙකු පැවසුවේ එම ප්‍රදේශයේ හරි අඩකට වැඩි ප්‍රමාණයක් නිවාස මුළුමනින්ම විනාශ වී ඇති බවයි.

මේ වන විට වාර්තා ගත මරණ සංඛ්‍යාව හාරදහස් තුන්සීය ඉක්මවන අතර නේපාල අගමැති වරයා කියා සිටියේ මෙම සංඛ්‍යාව ඉහල යාමට ඉඩ ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර