මාලදිවයිනේ හිටපු ජනපති අනුගාමිකයන් අත්අඩංගුවට

Image copyright AFP
Image caption පසුගිය පෙබරවාරි මාසයේ දී හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් අත් අඩංගුවට පත් වූ අවස්තාව

රජයට එරෙහිව පැවැත්වුණු රැළියක දී ඇතිවුණු කලහකාරී තත්වය හේතුවෙන් මාලදිවයිනේ විපක්ෂ නායක ඇතුළු දෙසීයක් පමණ වූ විරෝධතාකරුවන් පිරිසක් පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

බලයේ සිටිය දී අධිකරණ විනිශ්චයකාරවරයකු අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග කිරීමේ චෝදනාවට වැරදිකරු වී පසුගිය මාසයේ දී වසර 13 ක සිරදඬුවමක් ලැබූ මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් නිදහස් කරන්නැයි ඉල්ලමින් දහස් ගණනක් පිරිස් විරෝධතා දක්වා තිබේ.

අත්අඩංගුවට පත්වූ පිරිස අතර ‘සම්ප්‍රදායික යුක්තිය’ පක්ෂයේ නායක ෂෙයික් ඉම්රාන් ද සිටින බවයි වාර්තා වන්නේ.

රජය පෙරලීමේ අරමුණින් කලබල ඇති කිරීමයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වන්නේ.

හිටපු ජනාධිපතිවරයා සිරගත කිරීම ජාත්‍යන්තර හෙළාදැකීමට ලක්වී ඇති අතර එක්සත් ජාතීන් ගේ සංවිධානය පවසා තිබුණේ මෙම නඩු විභාගය ඉතාමත් අසාධාරණ බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර