පාකිස්තාන ගුවන් අනතුරින් තානාපතිවරු මරුට

Image copyright EPA
Image caption යානයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් යානය කඩා වැටුණු බවයි පකිස්තාන රජය පවසන්නේ.

හෙලිකොප්ටර් යානා අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ විදේශීය තානාපතිවරුන් දෙදෙනාගේ දේහයන් ඉස්ලාමාබාද් නගරයේ ඇති හමුදා මූලස්ථානයක් වෙත රැගෙන ආ බව පකිස්තානයෙන් වාර්තා වෙයි.

ඒ සමගම රජය විසින් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.

නොර්වේ සහ පිලිපීනයේ තානාපතිවරුන් මෙසේ උතුරු ගිල්ගිට් පළාතේ දී පකිස්තාන ගුවන් හමුදා හෙලිකොප්ටර යානයක් කඩා වැටීමෙන් මරණයට පත් වී තිබේ.

මේ අතර ඉන්දුනීසියානු සහ මැලේසියානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ගේ භාර්යාවන් දෙදෙනෙකු, ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ කාර්යමණ්ඩල සාමාජිකයෙකු ද මෙම අනතුරින් මරුමුවට පත් වී තිබේ.

මෙම රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිස සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වැඩසටහනක් ආරම්භ කිරීමේ උත්සවයකට යමින් සිටියදී ය මෙසේ අනතුරට ලක් වී ඇත්තේ.

යානයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් යානය කඩා වැටුණු බවයි පකිස්තාන රජය පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර