නේපාලයේ තවත් භූමිකම්පාවක්

Image copyright BBC World Service
Image caption භූමිකම්පාව අසල්වැසි ඉන්දියාවේ දිල්ලි අගනුවර සහ බිහාර් ප්‍රාන්තයටද දැනී තිබේ

නේපාලයේ තවත් බලගතු භූමිකම්පාවක් හටගත්තේය.

භූමිකම්පාව හටගත් කේන්ද්‍රය අසල පිහිටි චවුතාරා නගරයෙන් ලැබෙන වාර්තාවල දැක්වෙන්නේ මේ වනවිට සිවු දෙනකුවත් මරුමුවට පත් වී ඇති බවයි.

චවුතාරා කත්මන්ඩු අගනුවරට නැගෙනහිරින් පිහිටි නගරයක්.

Image copyright AFP
Image caption චවුතාරා නගරයෙන් ලැබෙන වාර්තාවල දැක්වෙන්නේ මේ වනවිට සිවු දෙනකුවත් මරුමුවට පත් වී ඇති බවයි

මේ අතර අගනුවර සිවු මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී ඇති අතර, තැතිගත් දහස් ගණන් ජනතාව අගනුවර වීථිවලට දිව ගියහ.

භූමිකම්පාවෙන් අනතුරුව පසු කම්පන පහක් වත් හටගත් අතර, භූමිකම්පාව අසල්වැසි ඉන්දියාවේ දිල්ලි අගනුවර සහ බිහාර් ප්‍රාන්තයටද දැනී තිබේ.

උතුරු ඉන්දීය බිහාර් ප්‍රාන්තයේ දෙදෙනකුවත් මරුමුවට පත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

භූමිකම්පාවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාල ගොඩනැගිල්ලට අලාභහානි සිදු වී ඇති නමුත්, කිසිදු ශ්‍රී ලාංකිකයකුට අනතුරක් වී නැති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පවසයි.