"නේපාලයේ සහන සේවාවන්ට මුදල් නෑ"

Image copyright Reuters

නේපාලයේ භූමි කම්පාවෙන් විපතට පත් වූවන්ට ආධාර කිරීමට අවශ්‍ය විශාල මුදල් හිඟයක් පවතින බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කරයි.

දින 18 ක් ඇතුළතදී හට ගත් දෙවැනි භූමි කම්පාවට ගොදුරු වූවන් බේරා ගැනීමේ කටයුතු සඳහා, කලින් භූමි කම්පාවෙන් පීඩාවට පත්වූවන්ට සහන ලබා දීම වෙනුවෙන් යොදා ගත් මුදල් යොදා ගන්නා බව නේපාල නිලධාරීහු පැවසූහ.

නමුත් නාය යෑම් එම කටයුතු වලට ද බාධාවක් වී තිබේ.

මේ අතර, සහන සේවා සපයමින් සිටියදී අතුරු දහන් වූ ඇමරිකානු හෙලිකොප්ටර් යානය සෙවීම සඳහා ගුවනින් සෙවීම් කටයුතු ආරම්භ කොට ඇත.

Image copyright Getty

තවදුරටත් චලනයන් සිදුවන නිසා මානසික පීඩනයකට ලක්ව සිටින ජනතාව එළිමහන් ස්ථානවල නිදා ගැනීමට පෙළඹී සිටිති.

කත්මන්ඩු නගරය ආසන්නයේ සිසුවකු පැවසුවේ තාවකාලික කූඩාරම්වල සිටියත් දරුවන් ඔවුන්ගේ මව්වරුන්ගේ ඇකයෙන් ඉවත්ව යාමට බිය පල කරන බවයි.