රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාවෝ මැලේසියාවට පලායති

Image caption වෙනත් රටක දී වඩා යහපත් ජීවිතයක් ලබා ගැනීමේ අරමුණින් මැලේසියාව ට පැමිණෙන බවයි පැවසෙන්නේ

අනවසර සංක්‍රමණිකයන් මුහුදු වෙරළින් පිටත් වීම නැවැත්වීමට වහාම පියවර ගන්නා ලෙස මැලේසියානු අගමැති නජිබ් රසාක් (Najib Razak) මියන්මාර රජයෙන් ඉල්ලා තිබේ.

සිකුරාදා එක්සත් ජාතීන් ගේ සංවිධානය විසින් ද මෙයට සමාන ඉල්ලීමක් කර තිබුණි.

දහස් ගණන් පිරිස් මියන්මාරයේ සිට සමූහ වශයෙන් මුහුදු යාත්‍රා මගින් මැලේසියාවට පැමිණෙමින් සිටින අතර ඉන් බොහෝ දෙනෙකු අතරමං සිටින බවයි වාර්තා වන්නේ.

මෙසේ දැනට මුහුදේ අතරමං වී ඇති පිරිස අතරින් බොහොමයක් මියන්මාරය තුළ ඔවුනට සිදුවන ගැහැට හේතුවෙන් වෙනත් රටක දී වඩා යහපත් ජීවිතයක් ලබා ගැනීමේ අරමුණින් පැමිණෙන රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට අයත් ජනතාව බවයි පැවසෙන්නේ.

එහෙත් රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නයක් ලෙස අර්ථකථනය කරන්නේ නම් මෙම සංක්‍රමණිකයන් පිලිබඳ ගැටලුව සාකච්ඡා කිරීමට සුදානම් නැති බව මියන්මාර රජය දැනටමත් පවසා තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර