කාබුල් අගනුවර කාර් බෝම්බ ප්‍රහාරයක්

Image copyright AFP

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර විදේශීය හමුදා රථ පෙළක් ඉලක්ක කර පුපුරුවා හරින ලද කාර් බෝම්බයකින් තුන් දෙනෙකු පමණ මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයන් අතර තරුණියන් දෙදෙනෙකුද සිටින බවයි පැවසෙන්නේ.

Image copyright Reuters

කාබුල් ගුවන් තොටුපල ආසන්නයේ සිදු කළ එම මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විදේශිකයන් තුන් දෙනෙකු ඇතුළු තවත් විසි දෙනෙකු පමණ බරපතළ තුවාල ලැබ තිබේ.

කාබුල් ගුවන් තොටුපලට ඇතුළු විය හැකි මෙම මාර්ගය භාවිතා කරන්නේ විදේශීය හමුදා පමණක් බවයි පැවසෙන්නේ.

මීට දින තුනකට පෙර කාබුල් අගනුවරදී තුවක්කු කරුවකු විසින් පුද්ගලයන් දාහතර දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ අතර ඉන් නම දෙනෙකු විදේශිකයන් බවයි වාර්තා වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර