පකිස්තානයට ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක්

Image caption පකිස්තාන ලාහෝර් ගුවන් තොටුපල අවට ප්‍රදේශයේ දැඩි ආරක්ෂාව යොදා තිබෙන ආකාරය

වසර හයකට පසු පකිස්තානයේ සංචාරය කරන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම බවට පත් වෙමින් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අද (අඟහරුවාදා) පකිස්තානයට ලඟා වී තිබේ.

දෙදහස් නමය වසරේ පකිස්තාන සංචාරයක යෙදී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල වූ අතර ප්‍රහාරයෙන් පකිස්තාන පොලිස් නිලධාරීන් හය දෙනෙකු පමණ ඝාතනය කෙරුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් නම දෙනෙකු තුවාල ලැබීය.

එම සිදුවීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පකිස්තානයට පැමිණ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

Image copyright Reuters

වසර හයකට පසු සිය රටට පැමිණෙන සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම පකිස්තානය විසින් ඉතා උත්කර්ෂවත් අන්දමින් පිළිගත් අතර උත්සවයට පකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ බලධාරීන් සහ පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහභාගී වී සිටියහ.

පකිස්තාන ලාහෝර් ගුවන් තොටුපල අවට ප්‍රදේශයේ සහ ක්‍රිකට් කණ්ඩායම රැගෙන යන යාමට නියමිත මාර්ග වල දැඩි පොලිස් ආරක්ෂාව යොදාවා තිබෙන ආකාරය දැක ගත හැකි බවයි බීබීසී වාර්තාකරු පැවසුවේ.

පකිස්තාන බලධාරීන්ගේ බලාපොරොත්තුව සිම්බාබ්වේ කණ්ඩායමේ පකිස්තාන සංචාරයෙන් පසු අන්තර්ජාතික ක්‍රිකට් කණ්ඩායම් නැවත සිය රටට පැමිණෙනු දැකීමයි.