සිරියාවේ රෝහලක් කැරලිකරුවන් අතට

Image copyright AFP

සිරියානු සන්නද්ධ කැරලිකරුවන්ගේ සන්ධානයක් විසින් රෝහල් ගොඩනැගිල්ලක් අල්ලාගෙන ඇති බව වාර්තා වේ.

සිරියානු රජයේ හමුදා නිලධාරීන් එකසිය පනහක් පමණ ප්‍රතිකාර ලබමින් සිටි මෙම රෝහල කැරලිකරුවන් විසින් මාසයකට ආසන්න කාලයක් වටලා සිටීමෙන් අනතුරුවයි ගොඩනැගිල්ලේ සම්පුර්ණ බලය ඔවුන් විසින් තහවුරු කර තිබෙන්නේ.

Image copyright AFP

එම කැරලි කරුවන්ගේ සන්ධානයේ බලවත්ම හවුල් කරු වන අල්කයිඩා සංවිධානයේ නුස්රා පෙරමුණ පවසන්නේ රෝහල් ගොඩනැගිල්ලෙන් පලා ගිය සොල්දාදුවන් ලුහුබඳින බවයි.

ජයග්‍රහණයේ හමුදාව යනුවෙන් තමන්ව හඳුන්වා ගන්නා මෙම කැරලිකරුවන්ගේ සන්ධානය මගින් වයඹදිග සිරියාවේ ඉඩ්ලිබ් (Idlib) පළාතේ බලය අල්ලා ගෙන ඇති අතර මෙය ජනාධිපති අසාද්ට එල්ල කෙරුණ විශාල පහරක් බවයි පැවසෙන්නේ.