තායිලන්ත දේශ සීමාවේ නීති විරෝධී කඳවුරු

Image copyright AFP

තායිලන්ත දේශ සීමාව ආසන්නයේ තිබී හමුවූ සමූහ මිනී වලවල් වලට නුදුරින් නීති විරෝධී ලෙස පුද්ගලයන් ප්‍රවාහනය කරන ජාවාරම් කරුවන් විසින් පවත්වා ගෙන යමින් සිට අත්හැර දැමූ කඳවුරු හමු වූ බව මැලේසියානු බලධාරීන් පවසයි.

Image copyright AFP

පසුගිය සතියේ සොයා ගන්නා ලද සමුහ මිනී වලවල් වල තිබී මළ සිරුරු සීයකට වැඩි ප්‍රමාණයක් සොයා ගන්නා ලද අතර මළ සිරුරු බංග්ලාදේශ සහ මියන්මාර සංක්‍රමණිකයන්ගේ බවට විශ්වාස කෙරෙන බව මාධ්‍ය වාර්තා විසින් ප්‍රකාශයට පත් කොට තිබුණි.

Image copyright AFP

මැලේසියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අහමඩ් සහීඩ් හමීඩි එක් මාධ්‍ය ආයතනයකට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ වසර පහක් තිස්සේ ජාවාරම් කරුවන් නීති විරෝධී ලෙස මෙවැනි කඳවුරු පවත්වා ගෙන ගොස් ඇති බව සොයා ගැනීම තමන් මවිතයට පත් කළ බවයි.

මේ මස මුල් භාගයේ මෙවැනිම නොගැඹුරු සමුහ මිනී වලවල් තායිලන්තයේ දකුණු දෙසින් සොයා ගැනුණු අතර එම මළ සිරුරු ද නීති විරෝධී සංක්‍රමණිකයන්ට අයත් බවටයි වාර්තා වුයේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර