පකිස්තානයේ උපාධි කඩයක් වටලයි

පකිස්තාන බලධාරීන් විසින් අන්තර්ජාල තාක්ෂණික ආයතනයක ප්‍රධානියෙකු වංචා සහ දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.

බලධාරීන් පවසන්නේ එම ආයතන ප්‍රධානියා විසින් එහි අධ්‍යාපනය ලැබීමට පැමිණි සිසුන්ට ව්‍යාජ උපාධි විකුණා ඇති අතර එමගින් ඩොලර් මිලියන ගණනක වංචනික ගනුදෙනු සිදු කර ඇති බවයි.

පකිස්තාන ෆෙඩරල් ඔත්තු සේවය විසින් කරච්චි නුවර පිහිටා තිබෙන එම අන්තර්ජාල තාක්ෂණික ආයතනයේ ප්‍රධාන ශාඛාවේ තිබී මුද්‍රිත ව්‍යාජ උපාධි පත්‍රිකා තොගයක්, ශිෂ්‍ය හැඳුනුම්පත් සහ තවත් ව්‍යාජ ලියකියවිලි රාශියක් සිය භාරයට ගෙන තිබේ.

ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ශෝයිබ් අහමඩ් ශෙයික් (Shoaib Ahmed Sheikh) සහ ඔහුගේ උප ප්‍රධානියා මේ වන විට අත්අඩංගුවේ පසු වන අතර පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම අන්තර්ජාල තාක්ෂණික ආයතනය නව රූපවාහිනී නාලිකාවක් ද ආරම්භ කිරීමට සුදානමින් සිටි බවයි වාර්තා වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර