ඉන්දියාවේ තෙවන ලිංගිකත්වයට සම අයිතීන්

Image copyright Other

උපතින් ලද ස්තී‍්‍ර හෝ පුරුෂභාවය පසෙකලා තමන්ගේ අභිමතය පරිදි ලිංගිකත්වය තෝරා ගත් ඉන්දියාවේ පුද්ගලයෙකු පවසන්නේ ඇයට සිදු වූ දීර්ඝ කාලීන වෙනස් සැලකිලි වලින් පසු අවසානයේ සමාජ පිළිගැනීම හිමි ව තිබෙන බවයි.

ඇය එලෙස ප්‍රකාශයක් කර තිබෙන්නේ ඉන්දියාවේ පාසලක විදුහල්පති තනතුරට පත් වීමේ අවස්ථාව තමන්ට හිමි වීමෙන් පසුවයි.

ඉන්දියාවේ පාසල් විදුහල්පති තනතුරක් එලෙස ලිංගිකත්වය වෙනස් කළ පුද්ගලයෙකුට හිමි වී තිබෙන්නේ පළමු වතාවටයි.

Image copyright AP

මනාබි බන්දුපධ්‍යා වැඩි දුරටත් කියා සිටියේ සිය ලිංගිකත්වය වෙනස් කිරීමේ ශල්‍යකර්මය 2003 වසරේ සිදු කළ අතර එතැන් පටන් සිය සහෝදර ගුරුවරු, සිසුන් මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් ද තර්ජන එල්ල වූ අතර සිය ගුරු වෘත්තීය අත් හරින ලෙසට බලපෑම් ද එල්ල වූ බවයි.

පසුගිය වසරේ ඉන්දීය අධිකරණයක් විසින් ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් ඉන්දියාව තුල තෙවන ලිංගිකත්වයක් ඇති බව පිළිගන්නා ලදී.

එම අධිකරණ තීන්දුවෙන් පසු තෙවන ලිංගිකත්වය දරන පුද්ගලයින්ට රැකියා අවස්ථා සහ අධ්‍යාපන පහසුකම් ලබා දීමේදී අනෙකුත් සුළු ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දිය යුතු බවට රජයට නියෝග කරනු ලැබීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර