ළමුන් අතර ජනප්‍රියම වචනය ‘හෑෂ්ටැග්’

Image copyright Thinkstock

කුඩා ළමුන්ගේ වසරේ ජනප්‍රියම වචනය වන්නේ ‘හෑෂ්ටැග්’ (#) බව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ආයතනය පවසයි.

එම ආයතනය විසින් ළමුන් අතර ජනප්‍රියම වචනය සොයා ගැනීම සඳහා දරුවන් විසින් ලියන ලද කෙටි කතා එක් ලක්ෂ විසි දහසක් විශ්ලේෂණය කර තිබේ.

විශ්ලේෂණය සඳහා යොදා ගෙන තිබෙන්නේ බීබීසි ගුවන්විදුලිය විසින් පවත්වන ලද කෙටි කතා තරඟයකට දරුවන් විසින් එවන ලද කතා එකතුවකි.

Image copyright Thinkstock

දරුවන් විසින් සිය අදහස් ප්‍රකාශනයේදී සිය අදහසට වෙනත් තේරුමක් එක් කිරීමට මෙන්ම සිය අදහසේ තීව්‍රතාව වැඩි කර දැක්වීමට ‘හෑෂ්ටැග්’ (hashtag) යන වචනය සිය නාම පද වලට ඉදිරියෙන් යොදන බව මෙම විශ්ලේෂණයෙන් හෙළි වී තිබේ.

මීට අමතරව යම් කතාවකට සිය ප්‍රතිචාරය දැක්වීමට යමක් ලිවීමේ දී සහ ඉතා බහුල ලෙස ‘වට්ස්ඇප්’, ‘ස්නැප්චැට්’, වැනි සමාජ වෙබ් අඩවි වල ‘හෑෂ්ටැග්’ (#) භාවිතය සීග්‍රයෙන් ඉහල යමින් පවතින බවයි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ආයතනය පවසන්නේ.