ලේකම් දූෂිත නැහැ - ජගත් පාපන්දු සම්මේලනය

Image copyright Getty

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් විමර්ශනයට ලක් කර ඇති ඩොලර් මිලියන දහයක මුල්‍ය දුෂණය සම්බන්ධයෙන් ජගත් පාපන්දු සම්මේලනයේ මහා ලේකම් ශේරොම් වල්ක සම්බන්ධ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එම සංවිධානය කියා සිටියි.

2010 වසරේ ලෝක කුසලාන පාපන්දු ශුරතාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීම සඳහා අවශ්‍ය ඡන්ද ලබා ගැනීමට අල්ලසක් ලෙස මෙම මුදල ගෙවා ඇති බවයි ඇමෙරිකානු නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරින් පවසන්නේ.

කැරීබියානු රටවල පා පන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සඳහා දකුණු අප්‍රිකාව මුදල් ලබා දුන් බවයි ජගත් පාපන්දු සම්මේලනය කියා සිටින්නේ.

මුදල හුවමාරුව අනුමත කිරීමට හෝ එය ක්‍රියාත්මක කිරීමට කිසිදු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සහභාගී නොවූ බව ද ජගත් පාපන්දු සම්මේලනයේ සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර